Monday, October 17, 2011

ක්‍රියෙටිව් පූසිනී :-)

ඔන්න මේක නම් ලංකාවෙ කතාවක්.... ලංකාවෙ ඈත කෑලෑ ගමක හිටියා පූස් පවුලක්. මේ පවුල හිටියෙ ගම්මුලාදෑනියගෙ ගෙදර . පූස් අම්ම, තාත්තා, දූරු දෙන්නා තමයි පවුලෙ අය..

මේ දූරු දෙන්නා ගෙන් එක්කෙනෙක්ට අම්මල කිව්වෙ ලොකු පූස් දූ කියලා. පොඩ්ඩිට කිව්වෙ පූසිනී කියලා
මේ පූසිනීට ටිකක් පිස්සුත් තමයි... ;-) .. පූස් දූල දෙන්නම ලා දුබුරු පාටයි. පොඩි පූසිනී හරි ස්වීට්. ඒත් නාහෙට අහන්නෙම නෑ.

ලොකු පූස් දූ හොඳ දුවෙක් වගේ ගෙදර කාරණා කටයුතු ඉගන ගත්තා... එයා ඉගෙන ගන්න කම්මෑලියි. ඒත් හරි කීකරුයි...පොඩි කෙල්ල නම් හරි දඟයි. ඒ වගෙම හරි දස්සි ඉගෙන ගන්න නම්.මේ දෙන්නම උදේ රෑයින් නෑගිටල ඉස්කෝලෙ හෙම යන්නෙ හරි ආසාවෙන්. පූසිනි ගොඩාක් ආස උනාට ලොකු පූස් දූ නම් ටිකක් කම්මෑලියි උදේ නෑගිටින්න.ඉතින් දෙන්නා එකට ඉස්කෝලෙ ගියෙ ටික කලයි. එයා බෑ කියල ඉස්කෝලෙ නොගිහින් නෑවතුනා..පොඩි පූසිනි ගියා දිගටම.

පූසිනි හරි දස්සයි කවි කියන්න. නෑටුම් නටන්න. ඒත් පූස් වරිගෙ ඈයින්ගෙන් මේ දස්ස පූසිනීට හරියට කතා අහන්න උනාලු මේ සුකුරුත්තම් වලට යනවා කියලා.පූසිනිගෙ අම්ම පොඩි කාලෙත් පූස් අම්මටත් නෑයො ඒව මේව කියලලු පූස් අම්මත් ඔය බාහිර වෑඩ නෑවෑත්තුවෙ. ඒ නිසාම පූස් අම්ම පූසිනීව ඒවයින් අයින් කලෙ නෑලු. පූසිනිට ආස දේ ඉදිරියට ගෙනියන්න හරිම කෑමෑත්තෙන් ඉඩ දුන්නලු :)

කොහොම හරි පූසිනී දස්ස නෑටුම් සිල්පිනියක් වුනාලු. ඈට චිත්‍ර අඳින්නත් පුලුවන්ලු යසට....මේ අතරෙ පූසිනි පූස් සා.පෙළ.ත් උසස්ම ලෙසින් සමත් වුනාලු.

ඒත් වෑඩේ කියන්නෙ ලොකු පූස් දූ ගෙදර වෑඩට දස්සි නිසා නෑසියෝ හෑමෝම අගේ කලෙ ඈවලු. පූසිනිට නිකම් ඔලොක්කුවට වගෙලු කතා කලේ. ෆෑමිලි ෆන්ශන් එකකට ගියත් :-)

මෙන්න එයා චිත්‍ර අඳිනවා 

හරි... ඔන්න කාලෙ ගෙවිලා ලොකු පූස් දූ දීග දෙන වයසට ආවා... දෑන් පූස් නාම්බෙකුත් ලොකු පූස් දූට කැමති වුනා.. අල්ලපු ගමෙන්..දෑන් වෑඩේ වුනේ පූසිනි හරි ෆේමස්නේ... ඒ නිසා පූසිනිටත් ඔය ප්‍රොපෝසල් එහෙම වෑහි වහින්න ගත්තා. ඒත් පූසිනි තමුන්ගෙ මතේම උන්නා මට අලුත් අලුත් දේ ඉගෙන ගන්න ඕනා කියලා. මට දස්ස පූසිනි කෙනෙක් වෙන්න ඕනා කියල . ඉතින් ලොකු පූස් දූ දීග ගියා.. දෑන් පූසිනිට ගෙදර වෑඩ වගකීමත් පෑටවුනා

ඔන්න එතකොටයි පූසිනිට වෑටහුනෙ ගෙදර ඉවුම් පිහුම් මෑහුම් ගෙතුම්ම් අනන් මනන් තමුන් මෙතුවක් ඉගෙන ගත්තෙ නෑති එකෙ පාඩුව.


මෙන්න පූසෙක් පූසිනීට මලක් දෙනවා

පූස් අම්මටත් පූසිනි වරද්ද වරද්ද වෑඩ කරද්දි තමයි තෙරුනෙ මේකි මෙහෙමම දීග යෑව්ව නම් හෙම කොලපත් පාර දෙන්නෙ නෑන්දම්මා කියලා

මේ ඉන්නෙ වරද්ද වරද්ද වෑඩ කරන පූසිනී


ඔන්න පූසිනිට මොන වෑඩෙ කරන්න ගියත් අනා ගන්න නිසාම හරියට දුක හිතුනා . පූස් අම්මටත් දුකේ බෑ. මෙවුවා හිතල හිතල පූසිනිට නෑටුම් ගෑයුම් වෑයුමුත් එපා වෙන්න ආවා. ඔන්න පූසිනිට ඔයින් මෙයින් ගේ වෑඩයි , ඉගෙනුම් වෑඩයි දෙකම එපා වෙන්න ගත්තලු.එයා කොහොමත් දස්ස... නැටුම්, ගැයුම් වලටනේ.....

මෙන්න කුස්සියෙ වැඩ අවුල් කරල

දෑන් පූසිනී නියම පිස්සු පූසියක් වගෙ පිස්සු නටනවලු. නෑටුම් ස්ටෙප් මතක නෑලු පන්ති ගියාම. පූසිනීට හිතෙන්න ගත්තලු ගෙදර වෑඩ බෑ කියල නෑයො හෑමෝම දොස් කියන නිසා තමන් හරි අදස්ස පූසිනියක් කියලා.හෑමදේටම එයා දස්ස්සයි.. ගේ දොර වෑඩ ඈරුනාම. ඔන්න ඉතින් පූසිනිගෙ ගෙදර අමාරු කාලෙ ඉවර වුනේ පූසිනි යාන්තම් ලකුනු අරන් වගෙ පූස් යුනිවසිටි තේරුනාම...පූසිනිටයි ගෙදර අයටයි හරිම සතුටුලු.

මෙන්න පූසිනී දුකෙන්

 ඔන්න පූසිනිට ආයෙත් දෑන් සතුටුයිලු... පූසිනි හලි සතුටෙන් යුනිවසිටි යන්න ලෑස්ති වුනාලු.මේ පාර පූසිනි බොහොම බුද්ධිමත් තීරණයක් ගත්තලු. පූස් හොස්ටල් යන්නෙ නෑතුව පූසිනි තීරනෙ කලාලු පූස් කෙල්ලො ටිකක් එකට අල්ලගෙන පූස් බෝඩිමක් ඒ අවටින් දා ගන්න.

පූස් කැම්පූස් එක


පූසිනි හිතා ගත්තලු මම අදක්ස පූසියෙක් නෙමෙයි. මම හරිම දස්ස පූසියෙක්, බෑ කියල දෙයක් නෑ. මම ඛොම හරි ඒකත් ඉගෙන ගන්නවාමයි කියලා. පූසිනි කලේ නෑටුම් ගෑයුම් කුස්සියෙ කරන අතරෙම අම්මගෙන් තුන්මස් පාටමාලාවක් දාගත්තලු ඉවුම් පිහුම් මෑහුම් ගේ දොර වෑඩ වලට.

ඔයින් මෙයින් කෑම්පස් ගියාමත් පූසිනි හරි අපූරුවට කෑපිල පෙනුනලු පූස් බෑචාලා බෑචීලා අතරේ. ඒ අස්සෙ පූසිනි ඉගෙන ගන්න දස්සම පූසියො ටික එකතු කරන් පූස් බෝඩිමක් දෑම්මලු ඒ අවටම. ඉතින් පූසිනි තමුන් ඉගෙන ගත් දෙවල් හවසට අනික් පූසියන්ට කියා දෙන්න ගත්තලු ගේ දොර වෑඩ හෙම.

මෙහෙමලු ඉව්වේ 
අනික් රූමිලාත් මේකට හරිම ආස වුනාලු. එයාලත් විනෝදෙන් ඉගෙන ගත්තලු මේ අත්කම් මෑහුම් ගෙතුම්. ඉතින් අපෙ පූසිනි මේ ගේ දෝර වෑඩ වල විශෙෂඥ පූසියෙක් වුනාලු ඉක්මනින්ම, ඈ කොයි දේටත් දස්සි නිසා හෑම දේම ඉක්මනින් අල්ල ගත්තලු.


මෙන්න මැහුම් ගෙතුම් වැඩ කරන අපේ පූශි...

ඉතින් පූසිනී තමුන්ගෙ නිර්මානසිලිකම මේ උයන පිහන ගේ දොර වෑඩ වලටත් යොදා ගත්තලු. තවදුරටත් පූසිනිට එයා අදස්ස පූසියෙක් කියල හිතුනෙ නෑ..එයා බෑච් ටොප් වෙන්නම ඉගෙනත් ගත්තලු
කොහොම හරි පූසිනිට හිතුනලු අලුත් කෑම , අලුත් ඈඳුම් නිර්මාණ අත්හදා බලන්න. එයා අලුත් දේ කලාලු. අලුත් ඈඳුම් යාලුවන්ට මහල දුන්නලු.එයා උසස් ලෙස ඩිග්‍රිය පාස් කරලා එයාගෙම අත්කම් සහ සෞන්දර්ය පාසලක් දාලා එයාගෙ බෑච් එකෙ දස්සම පූසියන්ට එතන රෑකියාව දුන්නලු.

මෙන්න පුසී උපාධි ගත්තම

පූසිනි දස්සි නිසා එයා මේ ආයතනය ලස්සනට පාලනය කරගෙන අපූරුවට ඉහලට ඉගෙනත් ගත්තා.. පූස් මව්පියන්ට හරිම සතුටුයි... පූසිනිගේ දියුනුව ගෑන.පූසිනිගේ කල වයසත් හරි නිසා , පූසිනි අපූරුවට දියුනු වෙන නිසා, ඔන්න මගුල් යෝජනා එහෙම ගලා එන්න ගත්තා..බ්‍රයිට් පූසිනේ.. ඉතින් පූසිනිගෙ මාපියොත් හිතුවා දෑන් කාලෙ හරි කියලා.ඒත් පූසිනිගෙ මාපියො ඉතින් පූසිනිගෙ මතය අහන්න අමතක කලෙ නෑ.එයාල ෆෑමිලි මීටිමක් තියල පූසි මේ ගෑන දරන අදහස ඈහුවා.. පූසිනි කල්පනා කලා. මේ වෙනකොට එයාටත් මේ තනියම ඈදපු ජීවිතෙ ටිකක් පාලුයි වගෙ.

පූසිනී හිතුවා.. මම මේ ගමන මෑද්දෙ ඉද්දි දෑන් පූසෙක් ජෝඩු වුනොත් වෙන්න ඕනෙ අනිවාර්යෙන් මම වගෙම හාඩ් වර්කින්, නිර්මානසීලි, අවන්ක කෙනෙක්. ඉතින් එහෙම අය හරිම අඩුයි. අම්මලට මගෙ රික්වයමන්ට් කියලා එයාල හොයනකල් ඉවසලා කරනවා මිසක්කා මන් මේ වෑඩ රාජකාරි අස්සේ ඕවා හොයලා වෑඩ දෙල් කරගන්න ඕනෙ නෑ කියලා. අම්මලා පූසිනීට ගෑලපෙන කෙනෙක් හොයන්න හරියට වෙහෙසුනා. ඒත් කේස් එක කියන්නෙ පූසිනි ෆෝවඩ් වෑඩී. ඈක්ටිව් වෑඩි. දස්සයි.ඕවර් කොලිෆයිඩ්. ඉතින් මේ කෑලෑ පූස් ගමේ මේ පූසිනි සමග පෑහෙන ගතිගුන තියන , හෑම දේම ගෑලපෙන කෙනෙක් හොයලම අම්මලට ඈති වුනා. අම්මලට තරහ ගියා මේක මල වදයක්නේ කියලා. පූසිනි පාඩුවෙ ආයතනෙ කරගෙන ගියා. මෑනජර් කෙනෙකුත් පුහුනු කලා. පූසිනි තෙරුම් ගත්තා දෑන් මට මේ පූස් ගමට වඩා මගෙ අරමුණු පුලුල් කරන්න කාලෙ හරි.අම්මලටත් මේ මගුල් හෙවිල්ල නතර කරන්න කියලා මම පූස් පෝට් එක හදන් වෑඩිදුර ඉගෙන ගන්න විදෙස් ගත වෙනවා කියලා.

පූසිනිගෙ මාපියො හරි හොඳ අය. එයාල ඉඩ දුන්නා පූසිනිගෙ තීරනේට.එයාලටත් නොගෑලපෙන මගුල් හොයලා ඈතිම වෙලා.. පූසිනි මෑනේජ‍්ර කෙනෙක්ට ඔක්කොම පවරලා තව ඉහලට ඉගෙන ගන්න ඈබ්‍රෝඩ් ගියා :-)

පූස්පෝට් එක
හී හී..පූසිනි තමුන්ගෙ ආයතනෙත් ස්කයිප් එකෙන් ඔන්ලයින් හෑන්ඩ්ල් කලා. විස්වාසවන්ත මෑනේජර් පූසත් පූස් අම්මල තාත්තලාගෙ අදීක්සනය යටතේ ආයතනේ අපූරුවට ගෙනිච්චා.පූසිනි පිටරට ඉගෙනත් ගත්තා.හෑම දේම හෑන්ඩ්ල් කරගන්න එයා කෑම්පස් කාලෙ ලබපු පුහුනුව හරියට උපයෝගි වුනා.

මෙන්න පූසිනී ඔන්ලයින්



පූසිනි ගිය රටේ පූසිටම හරියන පූස් නාම්බෙක් පූසිනිට සෙට් වුනා... පූසි වගෙම පිලිවෙල ඈති මහන්සියෙන් වෑඩ කරන හොඳ පූස් නාම්බෙක්. පූසි මව්පියන්වත් දෑනුවත් කරලා පූස් නාම්බව ආස්‍රේ කලා. දෙන්නම සෝයි එකට ඉගෙන ගෙන ඈවිත් වෙඩින් එකත් අරගෙන ආපහු පූස් ගමේ ආයතනය , පූස් සෞන්දර්ය විස්ව විද්යාලයක් බවටත් පත් කලා. පූස් ගමේ වෘත්තිය පුහුනු මද්යස්තානෙකුත් ඈති කලා. ගේ දොර වෑඩට දක්ස ලොකු පූස් දූත් මේකට සම්බන්ද වුනා... පූසිනි මුලු පවුලම අපූරුවට ගොඩ අරන් එයත් ගමටයි, පවුලටයි, හෑමෝම එක්ක සතුටෙන් වාසය කලා...

~~~~~```````~~~~~

4 comments:

  1. අපූරුයි...!!! පූස් කතාව හරිම ලස්සනයි...!!!
    ඤාව්... ඤාව්... ඤාව්... :)

    ReplyDelete
  2. මල 7 යි ..!! (ප.ලි මට නම් පුසෝ පෙන්නන්න බැරියෝ..!! මල වදේ ආතක් එකේ නිදාගෙන ඉන්නකොට ඤාව් ගා එකී ආතල් එක කන්න උන හරි දස්සය ..!)

    ReplyDelete
  3. පට්ටයි ඈ.. පට්ට පුසියෙක්..

    ReplyDelete